විදෙස්

ඇමසන් වනාන්තරයේ පැතිරෙන ගින්න පාලනයට අවශ්‍ය සම්පත් නැත – බ්‍රසීල ජනාධිපති

(UTV| බ්‍රසීලය) – ලොව විශාලතම වැසි වනාන්තරය වන ඇමසන් වනාන්තරයේ පැතිරෙන ගින්න පාලනය කිරීම සඳහා අවශ්‍ය සම්පත් තම රටට නොමැති බවයි බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ පවසයි.

මේ වන විට ඇමසන් වනාන්තරයේ විශාල භූමි ප්‍රමාණයක් දැවී අළු වී ගොස් තිබේ.

බ්‍රසීලය ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් තම රජයට ලැව්ගිනි පාලනය කිරීම සඳහා යැවිය හැක්කේ 40 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් පමණක් බවත් ඔහු කියා සිටියි.

චන්ද්‍රිකා මාර්ගයෙන් ලබා ගත් තොරතුරු අනුව මේ වසරේදී ඇමසන් වනාන්තරයේ වාර්තාගත ලැව්ගිනි සංඛ්‍යාවක් හටගෙන ඇති බව අනාවරණය වීමෙන් පසු ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර ඇමසන් වනය ගිනි ගැනීම, ජාත්‍යන්තර අර්බුදයක් බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් පවසා තිබෙන අතර එය ජී 7 සමුළුවේ ප්‍රධාන මාතෘකාව විය යුතු බව ද ඔහු අවධාරණය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බිල්ගේට්ස් ඇතුළු බිලියනපතියන් රැසකගේ ට්විටර් ගිණුම්වලට සයිබර් ප්‍රහාර

Mohamed Dilsad

ඉන්දීය බොලිවුඩ් සුපිරි නිළි ශ්‍රී දේවි අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

චීන ජනාධිපතිව හරසරින් පිළිගත් උතුරු කොරියානු නායකයා

Mohamed Dilsad

Leave a Comment