විදෙස්

බ්‍රේක්සිට් ගිවිසුමට යුරෝපා පාර්ලිමේන්තුවේ අනුමැතිය

(UTV | බ්‍රිතාන්‍ය) – බ්‍රිතාන්‍ය ඉදිරිපත් කළ යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් බ්‍රික්සිට් ගිවිසුමට යුරෝපා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව ජනවාරි මස 31 වැනිදා එනම් හෙට මහෙට යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තීරණය කර ඇත.

ඊයේ (29) පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 621 ක් ලැබී තිබූ අතර, විරුද්ධව ඡන්ද 49 ක් ලැබී තිබුණි.

මිට අමතරව බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත්වීමෙන් පසුව මාස 11ක පරිවර්තන කාලසීමාවක් වෙන්කර තිබෙන බවත් දෙපාර්ශ්වය අතර ආර්ථික සබදතා ගොඩනගාගැනීම මෙම පරිවර්තනය කාලසීමාවේ අපේක්ෂාව බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 

Related posts

කොරෝනා රටවල් 25කට පැතිරෙයි

Mohamed Dilsad

නැවත දැනුම් දෙනතුරු ලාහෝරයට ගුවන් ගමන් නැහැ – ශ්‍රී ලංකන් ගුවන් සේවය

Editor O

ආනයනික මෝටර් රථ සඳහා ඇමරිකාව තීරු බදු ඉහළ දමයි

Editor O

Leave a Comment