විදෙස්

ශීඝ්‍රයෙන් පැතිර යන මන්කිපොක්ස් : WHO ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශ කරයි

(UTV | ජෙනීවා) – ශීඝ්‍රයෙන් පැතිර යන මන්කිපොක්ස් (monkeypox) රෝගය හේතුවෙන් ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර තිබේ.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් ඇඩනම් ගේබ්‍රියසස් ඊයේ (ජූලි 23) ප්‍රකාශ කර ඇත්තේ, එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළම මට්ටමේ අනතුරු ඇඟවීම බව ය.

“මම ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළ ත්, මේ මොහොතේ මෙය පිරිමින් සමග ලිංගිකව එක්වන පිරිමින් අතර, විශේෂයෙන් බහු ලිංගික සහකරුවන් සිටින පිරිමින් අතර සංකේන්ද්‍රණය වී ඇති වසංගතයක්,” යැයි ටෙඩ්‍රොස් ජිනීවාහි මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත.

ඔහු සඳහන් කර ඇත්තේ, මන්කිපොක්ස් රෝගය සමීප සම්බන්ධතා හරහා පැතිරෙන සහ උණ වැනි රෝග ලක්ෂණ සහ සැරව පිරුණු සමේ තුවාල ඇති කරන බව ය.

එහි පැතිරීම දැඩි අවදානමක් පවතින යුරෝපය හැරුණු විට ගෝලීය වශයෙන් මධ්‍යස්ථව පැවති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර තිබේ.

මෙම වසරේ මේ දක්වා රටවල් 75කට අධික සංඛ්‍යාවක මන්කිපොක්ස් රෝගීන් 16,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර අප්‍රිකාවේ මරණ පහක් වාර්තා වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ, පිරිමින් සමග ලිංගිකව එක්වන පිරිමින් තුළ මෙම වෛරස් රෝගය ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත වී ඇති බව ය.

Related posts

ඇමෙරිකානු ජනපතිට වස පාර්සලයක්

Mohamed Dilsad

අයි.එස් නායකයා මිය ගිය බවට ජනපති ට්‍රම්ප් තහවුරු කරයි

Mohamed Dilsad

ඇමරිකානු ජනපති ඉන්දියාවට

Mohamed Dilsad

Leave a Comment