ප්‍රමුඛ පුවත 1

පොලිසිය සිදු කළ වෙඩිතැබීමකින් කොල්ලකරුවෙකුට තුවාල

(උදයම්,හලාවත)  –  රන් මාලයක් කොල්ලකා පලායමින් සිටි යතුරුපැදිකරුවන් දෙදෙනෙකුට හලාවත පොලීසියේ නිලධාරීන් වෙඩි තබා තිබේ.

අද උදෑසන 8.30 ට පමණ ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව අසළදී ආයුර්වේද වෛද්‍යවරියක් පැළඳ සිටි  රන් මාලයක් කොල්ලකෑමට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු උත්සහ දරා තිබේ.

මෙහිදී පොලිසිය වෙඩි තබා ඇති අතර වෙඩි වැදීමෙන් එක් සැකකරුවෙකු තුවාල ලබා ඇති බවද වාර්තාවේ.

Related posts

සරසවි අනධ්‍යයන කාර්ය මණ්ඩලය වර්ජනයේ

Mohamed Dilsad

විශ්‍රාමික ග්‍රාම නිලධාරීන් 2000ක් නැවත සේවයට

Mohamed Dilsad

තායිලන්ත මහානායක හිමි ඇතුළු දූත පිරිස ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment