ප්‍රමුඛ පුවත 1

විශ්‍රාමික ග්‍රාම නිලධාරීන් 2000ක් නැවත සේවයට

(උදයම්,කොළඹ)  – සේවා අවශ්‍යතාවය මත විශ්‍රාමික ග්‍රාම නිලධාරීන් 2000ක්  නැවත සේවයට බඳවා ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ “නිල මෙහෙවර ජනපති ජනතා සේවය” ජාතික වැඩසටහනේ වව්නියාව මන්නාරම් දිස්ත්‍රික් ආරම්භක වැඩසටහනට එක්වෙමිනි.
අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ “නිල මෙහෙවර ජනපති ජනතා සේවය“ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පුරප්පාඩු තනතුරු වෙනුවෙන් නව නිලධාරින් බඳවා ගන්නා තෙක් විශ්‍රාම ගිය ග්‍රාම නිලධාරින් කොන්ත්‍රාත් පදනම මත බදවා ගන්නා බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ වව්නියාව, නුවරඑළිය සහ අනුරාධපුර යන දිස්ත්‍රික් තුළ පවතින සීමා නිර්ණ ගැටළු සඳහා කඩිනමින් විසඳුම් ලබා දෙන බවය.

Related posts

විදේශයේ නිෂ්පාදිත පිස්තෝල 2 ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

කටුනායක ගුවන්තොටුපල අවට රථ වාහන සැලසුමක්

Mohamed Dilsad

2019 අයවැය පාර්ලිමේන්තු විවාදය නොවැම්බර් 08 ඇරඹේ..

Mohamed Dilsad

Leave a Comment