ප්‍රමුඛ පුවත 1

තායිලන්ත මහානායක හිමි ඇතුළු දූත පිරිස ජනපති හමුවෙයි

(UTV| කොළඹ) – ශ‍්‍රී ලංකාවට වැඩම කර සිටින තායිලන්ත මහානායක හිමිවරුන් ඇතුළු බෞද්ධ දූත පිරිස ඊයේ (25) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට මුහුණ දෙමින් යළි නැගී සිටින ශී‍්‍ර ලංකාව පිළිබඳ තම සතුට පළ කළ දූත පිරිස, සහෝදර බෞද්ධ රටක් ලෙස හැම විට ම තමන් ශී‍්‍ර ලංකාව සමග සිටින බව සඳහන් කළහ.

උන්වහන්සේලාගේ වැඩමකිරීම පිළිබඳ සිය සතුට පළ කළ ජනාධිපතිතුමා බෞද්ධ රටවල් ලෙස ශ‍්‍රී ලංකාව සහ තායිලන්තය අතර ඇති දිගු කාලීන සමීප සබඳතාවය ද මෙහි දී සිහිපත් කළේය.

Phra Bhawanakhemakhun wat Maheyong හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන්, තායිලන්ත මහානායක හිමිවරුන් ඇතුළු 70 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස පසුගිය 21 වන දා ශ‍්‍රී ලංකාවට පැමිණි අතර පසුගිය දින කිහිපයේ දිවයිනේ ප‍්‍රදේශ ගණනාවක සංචාරය කරමින් වෙසක් සැමරුම් දැක බලා ගැනීමට ද එක් විය.

එමෙන් ම නැගෙනහිර පළාතේ විහාරස්ථාන රැුසකට බුද්ධ ප‍්‍රතිමා වහන්සේ පූජා කිරීමට ද මෙම දූත පිරිස කටයුතු කළහ.

තායි බෞද්ධ දූත පිරිස සහ ජනාධිපතිතුමා අතර හමුවට තායි ශී‍්‍ර ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ විහාරාධිති පූජ්‍ය රාස්සගල සීවලී නායක හිමිපාණන් වහන්සේ ද වැඩම කර සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සඳහා හියුමන් පැපිලෝමා වෛරස එන්නත අද සිට

Mohamed Dilsad

ජනාධිපතිවරණය පැවැත්වීමේ බලතල සැප්තැම්බර් 15 සිට කොමිසමට

Mohamed Dilsad

රටවල් කිහිපයක තනාපතිවරුන් පැමිණ ජනපතිට සුබ පතයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment