ප්‍රමුඛ පුවත 1

ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සඳහා හියුමන් පැපිලෝමා වෛරස එන්නත අද සිට

(උදයම්,කොළඹ)  –  කාන්තාවන්ට ඇතිවන ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සඳහා හියුමන් පැපිලෝමා වෛරස එන්නත ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහනට හඳුන්වාදෙමින්  දිවයිනේ සියලු පාසල්වල ඉගැනුම ලබන ගැහැණු දරුවන්ට එන්නත් කිරීම අද (03) සිට ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව ගැබ්ගෙල පිළිකා වැළැක්වීමේ එන්නත වන එච්.පී.වී එන්නත 2017 ජුලි මස සිට ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහනට එක්වනු ඇත. මෙය 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදූ 10 සම්පුර්ණ වූ ගැහැණු දරුවන් සඳහා පාසල් එන්නත්කරණ වැඩසටහනක් ලෙස හඳුන්වාදීමට නියමිතය. මෙම එන්නත ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහනට හඳුන්වාදීම තුළින් අනාගතයේ දී ගැබ්ගෙල පිළිකාව මෙරටින් තුරන් කිරිම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉලක්කය වී ඇත.
ශ්‍රී ලංකාවේ වාර්ෂිකව මැදිවියේ කාන්තාවන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සංකූලතාවයන්ට පත් වූ ගැබ්ගෙල පිළිකා තත්ත්වයට ගොදූරු වන බව රෝහල් සංඛ්‍යාලේඛන මගින් තහවුරු වෙයි.
මෙයින් ගැබ්ගෙල පිළිකා වැළැක්වීමේ ක්‍රමවේදයක් වන පැප් පරීක්ෂණය 1996 වසරේ සිට ශ්‍රී ලංකාව තුළ සුවනාරි සායන මගින් අවුරුදූ 35 ඉක්ම වූ කාන්තාවන් සඳහා සිදූ කර ගැනීමට පහසුකම් සපයා ඇත.

Related posts

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 5 දෙනෙකු රෝහලට

Mohamed Dilsad

ලක්ෂ 12කට අධික වටිනාකමින් යුතු දුම්වැටි තොගයක් සමඟ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ජනපතිගේ මානසික වෛද්‍ය වාර්තාවක් ඉල්ලා පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment