ප්‍රමුඛ පුවත 1

පොලිසිය සිදු කළ වෙඩිතැබීමකින් කොල්ලකරුවෙකුට තුවාල

(උදයම්,හලාවත)  –  රන් මාලයක් කොල්ලකා පලායමින් සිටි යතුරුපැදිකරුවන් දෙදෙනෙකුට හලාවත පොලීසියේ නිලධාරීන් වෙඩි තබා තිබේ.

අද උදෑසන 8.30 ට පමණ ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව අසළදී ආයුර්වේද වෛද්‍යවරියක් පැළඳ සිටි  රන් මාලයක් කොල්ලකෑමට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු උත්සහ දරා තිබේ.

මෙහිදී පොලිසිය වෙඩි තබා ඇති අතර වෙඩි වැදීමෙන් එක් සැකකරුවෙකු තුවාල ලබා ඇති බවද වාර්තාවේ.

Related posts

පොලිතීන් භාවිතය මධ්‍යම පළාත තුළ තහනම්

Mohamed Dilsad

පාපන්දු මිත්‍රත්ව වැඩසටහන එක්වූ දරුවන්ට ඇමති රිෂාඩ් සුබ පතයි

Mohamed Dilsad

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 08 දෙනෙකුට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

Leave a Comment