ප්‍රමුඛ පුවත 1

දෙවන විශේෂ මහාධිකරණයේ නඩු විභාගය ඇරඹේ.

(UTV| කොළඹ) – දෙවැනි විශේෂ මහාධිකරණයේ නඩු කටයුතු අද ආරම්භ කෙරුණා.

ඒ කොළඹ මහාධිකරණය අංක 1 ශාලාවේදී.

ආර්. ගුරුසිංහ, ශශී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන විනිසුරු මඩුල්ල හමුවේ අද දින මෙම නඩුව විභාගයට ගැනුණු බව අප වාර්තාකරු පැවසුවේය.

එහිදී පළමු නඩුව වශයෙන් රුපියල් 75000/- ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් කුලියාපිටිය මූලික රෝහලේ කායික වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ආර්.එම්.සී.තෙන්නකෝන්වෙල මහතා වෙත අධිචෝදනා පත්‍ර බාර දෙන ලදී.

ඉන් අනතුරුව විත්තිකාර වෛද්‍ය වරයා රුපියල් ලක්ෂ 05 ක් බැගින් වූ පුද්ගලික ඇප දෙකක් මත මුදාහැරීමට නියම කළ අධිකරණය විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බව නියෝග කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සයිටම් ගැටලුවට සාධාරණ විසදුමක් දෙන බවට ජනපතිගෙන් GMOAට පොරොන්දුවක්

Mohamed Dilsad

ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ප්‍රහාරකයාගේ සොහොයුරා ඇතුළු 3 දෙනෙකු අත්අඩංගුවට.

Mohamed Dilsad

අඩුම මිලට පානීය ජල පහසුකම් ලබා දීමට පියවර

Mohamed Dilsad

Leave a Comment