ප්‍රමුඛ පුවත 1

මාතර සිසුවා ඝාතනයේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – මාතර, ඇලවේල්ල ප්‍රදේශයේදී පාසල් සිසුවෙකුට පිහියකින් ඇන ඝාතනය කිරීමට අදාළ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අද(27) උදෑසන 6.20ට පමණය.

පසුගිය 24වනදා මාතර ඇළවේල්ල හරස් මාර්ගයේදී පෞද්ගලික උපකාරක පංතියකට යමින් සිටි පාසල් සිසුන් පිරිසකට තවත් පාසල් සිසුන් පිරිසක්  කළ පහරදීමක් අතරතුර පිහි ඇණුමකට ලක් වූ 19 හැවිරිදි සිසුවෙකු ජීවිතක්ෂයට පත් විය.

ඔහු මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ ජීව විද්‍යා අංශයේ ඉගෙනුම ලැබූ රවිඳු ගිම්හාන් නැමති සිසුවායි.

මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ මාතර කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 17 ක් වු වල්ගම, මාතර ලිපිනයේ පදිංචි සුනුරු විමුක්ති ජයවීර නැමති තරුණයෙකි.

මෙම සැකකරු ඝාතනය සඳහා පැමිණි යතුරු පැදිය පැදවු අය බවට පොලීසිය කළ විමර්ශනවලදී අනාවරණය විය.

සැකකරු අද දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර, මාතර-ඇළවේල්ල ප්‍රදේශයේදි පිහියකින් ඇන සිසුවෙකු ඝාතනය කළ ප්‍රධාන සැකකරු දෙසැම්බර් 03 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ පිහි ඇනුම සිදු කළ ප්‍රධාන සැකකරුවන 17ත් හැවිරිදි මාතුන් කන්කානම්ගේ සිතිජ සෞදර්ය යන සිසුවායි.

ඔහු ඊයේ(26) මාතර අත්රේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී ඇති අතර ඉන් අනතතුරුව රක්ෂීත බන්ධනාගාර ගත කර ඇති බව පොලිසිය පැවසීය.

එමෙන්ම මෙම ඝාතනයට සම්බනධ තවත් සැකකරුවෙකු ඊයේ මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කර්යාලයට ගොස් බාර වි ඇති අතර එම අවස්ථාවෙදි ඔහුවද පොලිසි විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 17 හැවිරිද තුෂාන් නිම්නජිත් දිසානායක නම් සිසුවායි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

එක්නැලිගොඩ නඩුවේ විත්තිකරුවන් පෙර ඇප මත මුදාහැරීමට නියෝග

Mohamed Dilsad

එජාප රැළිය හේතුවෙන් කොළඹ රථවාහන තදබදයක්

Mohamed Dilsad

ජල සම්පාදන සේවකයින් වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment