ප්‍රමුඛ පුවත 1

එක්නැලිගොඩ නඩුවේ විත්තිකරුවන් පෙර ඇප මත මුදාහැරීමට නියෝග

(UTV | කොළඹ) – මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු නව දෙනා පෙර ඇප මත මුදා හැරීමට නියෝග කරයි.

ඒ අද (27) ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව පළමුවරට අද කැඳවූ අවස්ථාවේදී.

ඒ, ඊට අදාළ නඩුව සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන් හමුවේ අද කැඳවූ අවස්ථාවේදියි. එහිදී නීතිපතිවරයා විසින් ගොනුකළ අධිචෝදනා පත්‍ර විත්තිකරුවන්ට භාරදුන් අතර, ඔවුන්ට විදේශ ගමන් තහනමක්ද පනවනු ලැබුවා.

මෙම නඩුව ලබන මස 18 වනදා යළි කැඳවීමට නියමිතයි.

ගිරිතලේ යුද හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ලෙස කටයුතු කළ ලුතිතන් කර්නල් ශම්මි අර්ජුන කුමාර ඇතුලු යුද හමුදා බුද්ධි බළකායේ සාමාජිකයන් 9 දෙනෙකුට එරෙහිවයි ප්‍රගීත් එක්නැළිගොඩ මහතා අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස චෝදනා එල්ලවී ඇත්තේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදේශයේ නිෂ්පාදිත පිස්තෝල 2 ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

හෙට පරිපූරක වෛද්‍ය සේවා වර්ජනයක

Mohamed Dilsad

ලුනාවේ ඇල මාර්ගවලට අප ජලය මුදාහරින බව කියන කර්මාන්ත ශාලා 8කට එරෙහිව නීතිමය පියවර

Mohamed Dilsad

Leave a Comment