ප්‍රමුඛ පුවත 1

මෙරට බිළිඳු මරණ අඩුවේ.

(UTV| කොළඹ) – ගර්භණී කාලයේ සති 28 න් පසු කුස තුළ මිය යන දරුවන් සහ උපතින් දින 7 ක් තුළ සිදුවන බිළිඳු මරණ අඩුකිරීම අතින් ශ්‍රී ලංකාව විශිෂ්ට තත්ත්වයක් ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය  පවසයි.

 ශ්‍රී ලංකාව පරාජන්ම මරණ වැළක්වීම සෞඛ්‍ය න්‍යාය පත්‍රයේ ඉහළම ස්ථානයකින් තබා කටයුතු කරන අතර ගර්භණී භාවයේ සති 28 සිට ප්‍රසුතියෙන් පසු පළමු දින 7 දක්වා කාලය පරාජන්ම සමය ලෙස හැඳින්වේ.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා කියා සිටියේ මේ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් පසුගිය සතියේ නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන බවයි.

තවද ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු හෝ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු සිටින සෑම රෝහලක්ම පරාජන්ම මරණ වාර්තා කරන බවත් සෑම මසකම පරාජන්ම මරණ විමර්ශණ රැස්වීම් පවත්වා එම මරණ වැලැක්වීම සඳහා ගතයුතු පියවර සාකච්ජා කරයි.

ශ්‍රී ලංකාවේ 2006 වසරේ දී ඇරඹුණු මෙම ක්‍රමවේදය, ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක කරන, කලාපයේ එකම රට ශ්‍රී ලංකාව වන අතර මෙරට 2014 සිට 2017 පරාජන්ම මරණ විමර්ශණ වාර්තාව සෞඛ්‍ය හා පෝෂණ ගරු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මියට පසුගිය සතියේදී පිළිගන්වන ලදී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා අමරපුර නිකාය සහ රාමඤ්ඤ නිකාය ඒකාබද්ධ කිරීමේ ගිවිසුමක්

Mohamed Dilsad

කටුනායක අධිවේගයේ කොටසක් හෙට වැසෙයි

Mohamed Dilsad

මහින්ද රාජපක්ෂ ගැන අධිකරණ ඇමතිනීගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment