ප්‍රමුඛ පුවත 1

ථෙරවාද ති‍්‍රපිටකය ලෝක උරුමයක් කෙරෙන යෝජනාව ප‍්‍රකාශයට පත් කිරීමේ ජාතික පුණ්‍ය මහෝත්සවය අද

(UTV| කොළඹ) – ථෙරවාද ති‍්‍රපිටකය ලෝක උරුමයක් ලෙස සංරක්ෂණය කරන ලෙසට ථෙරවාද බෞද්ධ රටවල සාමුහිකත්වයෙන් ශ‍්‍රී ලංකාව, යුනෙස්කෝ සංවිධානය වෙත ඉදිරිපත් කරන යෝජනාව නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීම නිමිති කරගනිමින් පැවැත්වෙන ජාතික පුණ්‍ය මහෝත්සවය අද (23) පස්වරුවේ පැවැත්වේ.

ඒ අතිපූජනීය ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා ප‍්‍රමුඛ මහා සංඝරත්නයේ ප‍්‍රධානත්වයෙන් සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් ශ‍්‍රී දළදා මාලිගාවේ මහමළුවේ දීය.

නිර්මල බුද්ධ ධර්මයෙහි චිරස්තිථිය සාක්ෂාත් කරනු වස් උතුම් ති‍්‍රපිටක ධර්ම දායාදය ජාතික උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිතුමා පසුගිය දා කටයුතු කළ අතර, ඉන් නොනැවතී උතුම් ති‍්‍රපිටකය තවත් වසර දහස් ගණනක් සුරක්ෂිත කරමින් ලෝක උරුමයක් බවට පත් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම ඓතිහාසික කටයුත්ත වෙනුවෙන් පසුගිය මාර්තු 16 වන දා සිට 23 වන දා දක්වා සතිය ,ති‍්‍රපිටකාභිවන්දනා, සතිය ලෙස ප‍්‍රකාශයට පත් කෙරුණු අතර එය මුල්කර ගනිමින් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබිණි.

ති‍්‍රපිටක ධර්ම දායාදය පිළිබඳ සහ අධ්‍යාත්මික ගුණවගාවෙන් යුත් යහපත් ජීවිතයකට මඟපෙන්වන බෞද්ධ දර්ශනය පිළිබඳව පාසල් දරුවන්ට හා ජනතාවට අවබෝධයක් ලබාදීමේ වැඩසටහන් සහ දානමය පුණ්‍ය කර්ම ඇතුළු ආගමික වතාවත් රැසක් ඒ හා සමගාමී ව දිවයින පුරා කි‍්‍රයාත්මක කෙරිණි.

අද පැවැත්වෙන ජාතික මහෝත්සවයට ත්‍රෛනිකායික මහා සංඝරත්නය මෙන් ම, ථෙරවාද බෞද්ධ රටවල සංඝරාජ හිමිවරුන් ද, එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත හානා සිංගර් මහත්මිය ඇතුළු එක්සත් ජාතින්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයන් සහ විදේශ තානාපතිවරු, මහකොමසාරිස්වරු ඇතුළු දෙස් විදෙස් නියෝජිතයන් විශාල පිරිසක් එක්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

තවත් කොරෝනා රෝගීන් තිදෙනෙක් හදුනා ගැනේ

Mohamed Dilsad

පාසල් කම්කරු, සනීපාරක්ෂක කම්කරු සහ මුරකරු තනතුරු නම් සංශෝධනයට [video]

Mohamed Dilsad

සජිත් – මෛත්‍රීපාල අතර විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment