ප්‍රමුඛ පුවත 1

විල්පත්තුව හා අරුවක්කාලු ගැටලුව ජාතිවාදය සමග එක්කොට පහර ගහන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි – ඇමති රිෂාඩ්

(UTV| කොළඹ) – පුත්තලමේ අරුවක්කාලු කසල ගැටලුව යටපත්කරමින් විල්පත්තුව පිළිබඳව සමාජ කතිකාවතක් නිර්මාණය කර ඒ තුළින් ජාතිවාදය ඇතිකිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව කර්මාන්ත හා වාණිජ කටයුතු,දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයින් නැවත පදිංචිකිරීම,සමූපකාර සංවර්ධන ,වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

කොළඹ අල් හික්මා විද්‍යාලයේ ඊයේ (20)පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙලෙසද පැවසීය.

“පුත්තලමට කොළඹ කුණු ගෙන එන එකට පුත්තලමේ මිනිස්සු විරුද්ධ වෙන එක සාධාරණයි. අපි කවුරුවත් කැමති නැහැ වෙන කාගෙවත් කුණු ගන්න.මේ කසල ගැටලුව ගැන පුත්තලමේ  ජනතාව කියන්න පුලුවන් හැමෝටම කිවුවා.උත්තරයක් නැතිම තැන තමයි ඔවුන් කොළඹට ඇවිත් උද්ඝෝෂණයක් කලේ”.

“පසුගිය වසරේ (2018) අවසාන මාස කිහිපයේ රටතුළ පැවැති ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියේදී අපි ගත්තෙ හරි පැත්ත.ඒක තමයි නියම ප්‍රජාතන්ත්‍රවාදය.එදා ඒ සත්‍ය වෙනුවෙන් පෙනී සිටි අප අද පුත්තලමේ අරුවක්කාලු කසල ගැටලුව වෙලාවෙදිත් පුත්තලමේ අහිංසක ජනතාවගේ පැත්ත ගන්නවා”.

“පුත්තලමේ ජනතාවගේ කසල ගැටලුව ගැන පෙනී ඉන්න නිසා මට විල්පත්තුව කපනවා කියල චෝදනා කරමින් මේ දිනවල සමාජ මාධ්‍ය රැල්ලක් ක්‍රියාත්මක වෙනවා.මේවා හසුරවන යම් යම් අදිසි හස්ත ක්‍රියාත්මක වන බව අපට පේනවා.රජය ඇතුලෙ අමාත්‍යවරයකු ලෙස සිටියත් ජනතාවට අසාධාරණයක් වෙනවානම් අපි එයට දැඩි ලෙස විරුද්ධ වෙනවා”.

“මේ විදියට සමාජ මාධ්‍ය හරහා වැරදි පූර්වාදර්ශ සපයපු නිසා තමයි පසුගිය කාලයේ නුවර තෙල්දෙනිය , ගිංතොට වගේ ප්‍රදේශවල ගැටුම් ඇතිවුනේ.මේ විදියට විල්පත්තුව ප්‍රශ්නයක් කරලියට ගෙනවිත් මුස්ලිම් ජනතාව හා සිංහල ජනතාව බිදවීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා කියලයි අපිට දැනෙන්නේ.මම ඉතා ඕනෑකමින් මේ ජාතිවාදය අවුලවන්න හදන පිරිසගෙන් ඉල්ලන්නේ දේශපාලනික වශයෙන් තරහක් තියෙනවානම් මගෙන් පලිගන්න,මේ රටේ අතීතයේ ඉදලා සහජීවනයෙන් කටයුතු කරපු සිංහල මුස්ලිම් ජනයාට නිදහසේ ඉන්න ඉඩදෙන්න”.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වී කිලෝවකට රු50ක සහතික මිලක් ඉල්ලයි

Mohamed Dilsad

ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට තාර්කික නැති නීති රීති බාධාවක් කරගත යුතු නෑ – ජනපති

Mohamed Dilsad

ජනාධිපති නීතිඥ ආරිය බණ්ඩාර රැකව මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment