ප්‍රමුඛ පුවත 1

දාගැබක් මත නැග ඡායාරූප ගත් තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV|අනුරාධපුරය) – දාගැබක් මත නැග ඡායාරූප ගත් තරුණයින් දෙදෙනෙකු පොලීසිය අද අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුරාධපුර, මිහින්තලය පුදබිමේ ප්‍රධාන පියගැටපෙළ අසල ඇති පෞරාණික පරිවාරක දාගැබක නැග මෙම තරුණයින් ඡායාරූප ගෙන ඇති බව පොලිසිය පවසයි.

අද උදෑසන මුතූර් ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයින් දෙදෙනෙකු දාගැබ මත නැග ඡායාරූප ගෙන ඇති බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් පොලීසියට දැනුම්දී තිබේ.

නිට්ටඹුව, තිහාරිය ප්‍රදේශයේ විද්‍යාලයක ඉගෙනුම ලබන මෙම සිසුන් දෙදෙනා විනෝද චාරිකාවක් සදහා මිහින්තලයට පැමිණ ඇති අතර දාගැබ මත නැගුණු එක් සිසුවෙකුගේ ඡායාරූප අනෙක් සිසුවා විසින් ලබාගෙන ඇත.

එම ඡායාරූප ඔවුන්ගේ ජංගම දුරකථනවල සටහන් වී තිබුණු බවයි පොලීසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert

Related posts

මෙවර මැතිවරණ රාජකාරිය සඳහා රජයේ නිලධාරීන් ලක්‍ෂ දෙකක්

Mohamed Dilsad

කොච්චිකඩේ ප්‍රදේශයේ පිපිරීමක්

Mohamed Dilsad

රජයේ රෝහල්වල හෙද හෙදියන් අදත් වර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment