ප්‍රමුඛ පුවත 1

මෙවර මැතිවරණ රාජකාරිය සඳහා රජයේ නිලධාරීන් ලක්‍ෂ දෙකක්

(UTV | කොළඹ) – මෙවර ජනාධිපතිවරණයට අදාළව ඡන්ද පොළ හා ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානවල මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරින් ලක්ෂ 02කට ආසන්න පිරිසක් යෙදවීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මෙහිදී ඡන්දය ගණන් කිරීමේ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරීන් 48,000ක් යෙදවෙන අතර ඡන්ද පොළ කාර්ය මණ්ඩල සඳහා රාජ්‍ය නිලධාරින් 98,000ක් පමණ යෙදවීමට නියමිතය.

එමෙන් ම සුබසාධන, ප්‍රවාහන ආදී කමිටු සඳහා නිලධාරීන් 10,000ක් යෙදවෙයි.නිලධාරින් 10,000කින් සමන්විත සංචිතයක් ද ක්‍රියාත්මක වෙයි.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම් සිදුවන ඡන්ද මධ්‍යස්ථානවල අවම වශයෙන් නිලධාරීන් 08ක් පමණ රජකාරියේ නියැලෙන බව ද එය එක් එක් ඡන්ද පොළ අනුව නිලධාරී සංඛ්‍යාව වෙනස් විය හැකි බවද ජයසිංහ මහතා සඳහන් පැවසීය.

ඡන්දය ගණන් කිරීම් සිදුවන දිනවල අවශ්‍යතාවය අනුව අතිරික්ත කාර්ය මණ්ඩල යෙදවීමට පියවර ගනු ඇත.

මේ වනවිටත් මැතිවරණ රාජකරිවලට රාජ්‍ය නිලධාරීන් යෙදවීමේ කටයුතු සිදු කරමින් පවතින බව සඳහන් කළේ ය.

මේ අතර ජනාධිපතිවරණය සඳහා සහභාගි කර ගන්නා රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

රන් පවුමක මිල රු. 342000 ක් දක්වා ඉහළට.

Editor O

ලක්ෂ 12කට අධික වටිනාකමින් යුතු දුම්වැටි තොගයක් සමඟ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment