ප්‍රමුඛ පුවත 1

මහින්දානන්දගේ නඩුව ජනවාරියට කල් යයි

(UTV | කොළඹ) –  පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය ජනවාරි මස 16 වන දා දක්වා තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබූ අතර , එහිදී විනිසුරුවරයා නියෝග කර සිටියේ මෙම නඩුව ජනවාරි මස 16 වනදා සහ 17 වනදා යන දිනවල විභාගයට ගන්නා බවයි.

පසුගිය රජයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27 ක මුදලක් වැයකර කොළඹ කින්සි පාරේ නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් මන්ත්‍රීවරයාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හදිසි නීතිය යළි දීර්ඝ නොකෙරේ – ආරක්ෂක ලේකම්

Mohamed Dilsad

ඥානසාර හිමියන්ට රටින් පිටවීම තහනම්

Mohamed Dilsad

පනතක් තුලින් රාජ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කරනවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment