ප්‍රමුඛ පුවත 1

ඉන්ධන මිල යලිත් පහළට

(UTV| කොළඹ) – IOC සමාගම සිය පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 5 කින් අඩු කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 143 දක්වාද, ඔක්ටේන් 95 එක්ස්ට්‍රා ප්‍රීමියම් වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 162 දක්වා ද පහත දැමෙනු ඇත.

ඊට අමතරව ඔටෝ ඩීසල් මිල ද රුපියල් 05කින් අඩු කිරීමට IOC සමාගම තීරණය කර ඇති අතර ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 106 දක්වා ද, ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 132 දක්වා ද පහත දැමෙනු ඇති බව එම සමාගම පවසයි.

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනහල් වලින් අලෙවි කරන ඉන්ධන සඳහා ද මිල ගණන් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 5 කින් අඩු කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනහල් වලින් අලෙවි කරන පෙට්‍රල් ‍ඔක්ටේන් 92 , ඔක්ටේන් 95 , ලංකා ඔටෝ ඩීසල් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු වනු ඇත.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මෙම මිල අඩුවීම් පිළිබඳ සඳහන් කළේය.

නව මිල ගණන් අනුව මෙතෙක් රුපියල් 140ක මිලකට අලෙවි කළ පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 135ක් දක්වා අඩුවනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

සයිටම් ගැන තීරණාත්මක සාකච්ඡාවක් ලඟදීම

Mohamed Dilsad

කාර්යාලීය නිළ ඇඳුම් සම්බන්ධ චක්‍රලේඛය යළිත් සංශෝධනය කරයි

Mohamed Dilsad

Leave a Comment