ප්‍රමුඛ පුවත 1

සමෘද්ධි නිලධාරීන් 7000කට ස්ථීර පත්වීම්

(UTV| කොළඹ) – සමෘද්ධි නිලධාරීන් 7000කට ස්ථීර පත්වීම් ලබාදීම ඊයේ පස්වරුවේ සිදුකෙරුණි.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ – සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදියි.

විසි හත්දහසකට ආසන්න සමෘද්ධි නිලධාරින්ගේ ජීවන අභිප්‍රාය වූ පූර්ණ විශ්‍රාම වැටුප් සහිත පත්වීම් සිහිනය යථාර්ථයක් බවට පත් කරමින් හත්දහසකට ආසන්න පිරිසකට මෙහිදී ස්ථීර පත්වීම් ප්‍රදානය කෙරුණි.

ජනාධිපතිතුමා අතින් සංකේතවත්ව කිහිප දෙනෙකු වෙත පත්වීම් ලිපි පිළිගැන්විණි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,  නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් ද, නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නිමල් කොටවලගෙදර යන මහත්වරුන් සහ රාජ්‍ය නිලධාරින් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපතිවරයාගේ විධායක බලතල උදුරා ගැනීමට කිසිවෙකුට හැකියාවක් නොමැති බවයි ඊට එක්වෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාභයගේ ජයග්‍රහණය රටේ අවශ්‍යතාවයක් [VIDEO]

Mohamed Dilsad

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment