ප්‍රමුඛ පුවත 1

සයිටම් ගැන තීරණාත්මක සාකච්ඡාවක් ලඟදීම

(උදයම්,කොළඹ)  – මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් සියලුම විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් මේ සතිය තුල සාකච්ඡා කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වෛද්‍යවරුන් පිරිසක් සමඟ එම අමාත්‍යාංශයේදී ඊයේ(12) පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

සයිටම් ආයතනය පිළිබඳව මතුව ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා පීඨාධිපතිවරුන් සකස් කළ යෝජනාවලියක් මේ වන විට තමන් වෙත ලැබී ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ තමන්ට ඇත්තේ ප්‍රතිපත්තිමය කරුණක් පිළිබඳ ප්‍රශ්ණයක් පමණක් බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 

Related posts

පාර්ලිමේන්තුවේ කටයුතු යළි තාවකාලිකව නවතී

Mohamed Dilsad

ස්විස් නිලධාරිනියගේ පරීක්ෂණ වාර්තා අද අධිකරණයට

Mohamed Dilsad

භාරකාර ආණ්ඩුව පත් කිරීම ඇරඹේ [UPDATE]

Mohamed Dilsad

Leave a Comment