ප්‍රමුඛ පුවත 1

ඉදිරි දිනවල වර්ෂාව තවත් වැඩිවන ලකුණු

(උදයම්,කොළඹ)  – ඉදිරි දින කිහිපයේදී (විශේෂයෙන් මාර්තු 01 සහ 02 දිනවලදී) දිවයිනේ පවතින වැසි තත්වය තවදුරටත් වර්ධනය වීමක් අපේක්ෂා කල හැකි බව කාලගුණ  විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

නැගෙනහිර, ඌව, සබරගමුව  සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වල (මි.මී 50ට වැඩි)තරමක් තද වැසි ද  ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ අංශ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි.

Related posts

ජනාධිපතිගේ ප‍්‍රධානත්වයෙන් අද කැබිනට් රැස්වීම පැවැත්වීමට නියමිතයි.

Mohamed Dilsad

සරසවි අනධ්‍යන සේවක වර්ජනය තාවකාලිකව අවසන්

Mohamed Dilsad

ජනපති දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත් වෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment