ප්‍රමුඛ පුවත 1

ජ්‍යෙෂ්ඨත්වය සළකා අගවිනිසුරු පත් කළේ වසර 30 කට පසුවයි – ජනපති

(UTV| කොළඹ) – අධිකරණයේ සේවා ජ්‍යෙෂ්ඨත්වය සළකා අගවිනිසුරු පදවියට විනිසුරුවෙක් පත් කරනු ලැබුයේ වසර 30 කට පසුව යැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රයේ පැවැති වන නිලධාරින් 310 දෙනෙකුට පත්වීම් ප‍්‍රදානය කිරීමේ උත්සවය අමතමීන් පැවසීය.

අගවිනිසුරු වශයෙන් පත් කිරීමට ව්‍යවස්ථා සභාවට නම් කර යැවුයේ අධිකරණ සේවයේ ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉහළින්ම සිටින විනිසුරුවරයා බවද ,තමන් නම් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා අවුරුදු 38 යි මාස 11 ක් සේවා කාලයක් හිමි, ප‍්‍රාථමික උසාවියක සිට පියවරෙන් පියවර ඉදිරියට ආ අයෙකු බවද ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලූම විනිසුරුවන්ගේ පෞද්ගලික, අධ්‍යාපන, සේවා සුදුසුකම්, සියල්ල ගෙන්වා ගෙන සේවා ජ්‍යෙෂ්ඨත්වය අනුව මෙම පත්වීම කළ බවද ,එහෙත් ලංකාවේ අගවිනිසුරු ධුරයට මීට පෙර ජනාධිපතිවරු පත් කර ඇත්තේ අධිකරණ සේවයේ ජ්‍යෙෂ්ඨත්වය සලකා නොවන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති සාමාජිකයින්ගේ සුහද හමුවක් ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

සීෂෙල්ස් රාජ්‍ය සමඟ ගිවිසුම් දෙකක්

Mohamed Dilsad

විරෝධතා හේතුවෙන් රථ වාහන තදබද

Mohamed Dilsad

Leave a Comment