ක්‍රීඩා

ශ්‍රී ලංකා පන්දු යවන්නන් පිළිබඳ ජේසන් රොයි කියන කතාව

(UTV| කොළඹ) – දැල තුළ පන්දුවට පහරදි පුරුදු පුහුණූ විමට වඩා දෙයක් දඟ පන්දු යවන්නගේ පන්දුවට පහරදිමේදි අවශ්‍ය වන බවත් පන්දු යවන්නා විසින් යොමු කරන ඕනෑම පන්දුවකට ඒ අවස්ථාවේදි මුහුණ දිය යුතු බවත් එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු ජේසන් රොයි මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව සමග පැවති පළමු එක්දින තරගයේදි පන්දු 27 කදී ලකුණු 24 ක් ලබා සිටියදි අකිල ධනංජය යැවු පන්දුවකට සධීර සමරවිර අතට උඩ පන්දුවක් ලබා දී දැවි යාමට සිදුවිම සම්බන්ධයෙන් අදහස් දක්වමීන් හෙතෙම මෙ බව ප්‍රකාශ කර තිබේ.

ප්‍රතීවාදින් පළමු පන්දුවාර 10 පමණ ඇතුලත දඟ පන්දු යවන්නන්ට මුහුණ දී යම්තාක් දුරකට මුහුණ දීමට අවධානමක් බවත් හෙතෙම මෙහිදි පවසා තිබේ.

එසේම ලසිංත මාලිංගගෙන් ලැබෙන පන්දු විවිධාකාර බවත් ඔහුගේ වේගය අඩු කර යවන පන්දුවට මුහුණ දිම යම් තාක් දුරකට අපහසු බවද හෙතෙම වැඩි දුරටත් සඳහන් කර තිබේ.

දෙරට අතර දෙවැනි එක්දින තරගය හෙට (13) දඹුල්ල ක්‍රීඩාංගණයේදි දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවැත්විමට නියමීතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද තරඟයේ සූදානම..

Mohamed Dilsad

ස්කොට්ලන්ත හිටපු ක්‍රීඩක මජිඩ් හක්ටත් කොරෝනා

Mohamed Dilsad

ඩිල්ෂාන් සමග උපුල් තරංගත් එක් වේ

Mohamed Dilsad

Leave a Comment