ක්‍රීඩා

ඩිල්ෂාන් සමග උපුල් තරංගත් එක් වේ

(UTV | ඕස්ට්‍රේලියා) – ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන දේශීය ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකාවේ හිටපු ජේෂ්ඨ ක්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් සමග උපුල් තරංග ද එක්වීමට නියමිතව ඇති බවට වාර්තා වේ.

ඒ අනුව Mulgrave ක්‍රිකට් සමාජය සමග උපුල් තරංග ඔස්ට්‍රේලියාව දී ගිවිසුම් ගත කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 31ක් ක්‍රීඩා කර ඇති උපුල් තරංග එහිදී ශතක 03ක් රැස් කරගෙන ඇති අතර හොඳම ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 165ක් වාර්තා කරයි.

Mulgrave ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් තිලකරත්න ඩිල්ෂාන් ඉකුත් ක්‍රීඩා වාරයේ විස්සයි 20 තරගාවලියට එක්ව සිටිය අතර ඔහුගේ දක්ෂතා හේතුවෙන් කණ්ඩායම අවසන් මහ තරගය දක්වා ඒමට හැකියාව හිමි වූ බව සඳහන් කරයි.

 

Related posts

ජයග්‍රහණයට පාකිස්ථානයට තවත් ලකුණු 89ක් අවශ්‍යයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි

Mohamed Dilsad

LPL තරඟාවලිය සඳහා නම්කර ඇති විදෙස් ක්‍රීඩකයන් මෙන්න

Mohamed Dilsad

Leave a Comment