ක්‍රීඩා

ජයග්‍රහණයට පාකිස්ථානයට තවත් ලකුණු 89ක් අවශ්‍යයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පස්වන සහ අවසන් දිනය අද (20) යි.

ජයග්‍රහණය සඳහා ලකුණු 341ක ඉලක්කයක් හඹා යන පාකිස්ථාන කණ්ඩායම තරගයේ සිව්වන දිනය නිමාවන විට සිය දෙවන ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 222ක් ලබා සිටියා.

ඒ අනුව ඔවුන්ට තරගය ජයග්‍රහණය කිරීම සඳහා තවත් ලකුණු 89ක් අවශ්‍යයි.

මේ වනවිට තරගය අද දිනට නියමිත පරිදි ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව පන්දුවට පහරදෙමින් පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් පිටියේ රැඳී සිටින්නේ, අබ්දුල්ලා ශෆීක් සමගින් මොහොමඩ් රිස්වාන්.

ශෆීක් පන්දු 305ක දී නොදැවී ලකුණු 115ක් ලබා සිටින අතර රිස්වාන් ලබා සිටින ලකුණු සංඛ්‍යාව 25ක්.

ජයග්‍රහණය සඳහා පාකිස්ථාන කණ්ඩායමට තවත් කඩුලු 7ක් ඇතැතිව ලකුණු 89ක් ලබාගත යුතු වනවා.

ප්‍රභාත් ජයසූරිය කඩුලු 02ක් සහ රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ලක් බිඳ දමා තිබෙනවා.

Related posts

නවසීලන්තය ට තියුණු ජයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල අවසන් පූර්ව වටයට

Mohamed Dilsad

බංගලාදේශ – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් යයි

Mohamed Dilsad

Leave a Comment