දේශීය

සරත්ලා පාර්ලිමේන්තුවේදී ගැටෙයි

(UTV| කොළඹ) – හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සහ රියල් අද්මිරාල් අමාත්‍ය සරත් වීරසේකර අතර අද පාර්ලිමේන්තුවේ තරමක් උණුසුම් තත්ත්වයක් ඇති විය.   

සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල් තනතුරට සුදුසු නොවන බවත් ලාන්ස් කෝප්‍රල් තනතුරකටවත් නුසුදුසු බවත් අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

සරත් වීරසේකර සඳහන් කළේ දෙමළ ඩයස්පෝරාවේ ඩොලර් ලබාගනිමින් ඔහු හමුදාව පාවාදෙන ප්‍රකාශ කරන බවයි.

එහිදී සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා සහ අමාත්‍ය සරත් වීරසේකර මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු විය.

හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා එයට විරෝධය දක්වමින් අදහස් පළකළ අතර අමාත්‍යවරයා එහිදී කියා සිටියේ බොරු කරනු දක්වමින් වීරයෙක් වීමට උත්සහ නොකරන ලෙසත් යුද ජයග්‍රහණයට නායකත්වය දුන් පස් දෙනාගෙන් තමන්ද එක අයෙකු බවයි.

විපක්ෂ නායකවරයා එහිදී කතානායකවරයා අමතමින් සඳහන් කළේ සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් අමාත්‍යවරයා කළ ඇතැම් ප්‍රකාශ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කළ යුතු බවයි.

සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වූයේ ඩයස්පෝරාවේ මුදල් ලබාගැනීම නිසා ද යන්නත් විපක්ෂ නායකවරයා කතානායකවරයාගෙන් විමසා සිටියේය.

Related posts

ඉදිරි පැය 24 තුළදී ප්‍රදේශ කීපයකට ධාරාණිපාත වැසි

Mohamed Dilsad

බුදුපිළිමයක් වසර 100කට පසු දිවයිනට

Mohamed Dilsad

යාපනය දෙමව්පියන්ගෙන් දැඩි විරෝධයක්

Mohamed Dilsad

Leave a Comment