ප්‍රමුඛ පුවත 1

විරෝධතා හේතුවෙන් රථ වාහන තදබද

(උදයම්,කොළඹ)  – මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මරදාන ප්‍රදේශය අවට දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබේ.

මේ හේතුවෙන් මරදානේ සිට කොටුව දෙසට රථ වාහන තදබදයක් හට ගෙන ඇති බව පොලිසිය සදහන් කරයි.

මේ අතර ආබාධිත පොලිස් නිලධාරීන් විසින් ආරම්භ කර ඇති විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ-කොටුව, ඕල්කට් මාවතේ- කොටුවෙන් පිටවන මංතීරුවේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් කොටුව ලෝටස් මාර්ගය හා බැංකු මාර්ගයද තාවකාලිකව වසා දමා ඇත.

විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

පාර්ලිමේන්තුව අද යළි රැස්වෙයි

Mohamed Dilsad

චන්ද්‍රිකාගෙන් මෛත්‍රීට ලිපියක් [LETTER]

Mohamed Dilsad

රාජ්‍ය ආයතන 17 ක් සම්බන්ධ කොප් කමීටු වාර්තාව පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment