ප්‍රමුඛ පුවත 1

සීෂෙල්ස් රාජ්‍ය සමඟ ගිවිසුම් දෙකක්

(UTV|සීෂෙල්ස්) – සීෂෙල්ස් රාජ්‍යයේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද එරට උප ජනාධිපති වින්ස්ටන්ට් මෙරිටන්ට් මහතා හමුවීමට නියමිතය.

අද දහවල් එම හමුව සිදුවනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා යුනෙස්කෝ ලෝක උරුම නැරඹීමට ද එක්වනු ඇතැයි, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පස්වරුවේ එරට ජනාධිපති ඩැනී ෆෝ මහතා හමුවිය.

එහිදි දෙරටේ නායකයන් වෙළඳ සහ සංචාරක සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ ව්‍යාප්ත කරමින් ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යාම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

රටවල් දෙක අතර ව්‍යාපාරික සංසදවල සබඳතා වැඩිදියුණු කර ගනිමින් ඉදිරි කටයුතු සිදු කිරිම පිළිබඳව අදාළ අංශවලට උපදෙස් ලබා දෙන බව ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදි සඳහන් කර ඇත.

දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ද්වි පාර්ශික මෙන්ම කලාපිය කරුණු රැසක් පිළිබදවද මෙහිදි සාකච්ඡාවට බදුන්වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සාධාරණ තීන්දුවක් අපේක්‍ෂාවෙන් – ලක්‍ෂ්මන් කිරිඇල්ල

Mohamed Dilsad

ජනපති, ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි හමුවෙයි

Mohamed Dilsad

සරසවි අනධ්‍යයන කාර්ය මණ්ඩලය වර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment