ප්‍රමුඛ පුවත 1

අපරාධ රැසකට සම්බන්ධ ‘ඩීලා’ අත්අඩංගුවට

(UTV| කොළඹ) – අපරාධ රැසකට චෝදනා එල්ල වී ඇති ඩග්ලස් ප්‍රියනන්ද පෙරේරා හෙවත් ‘ඩීලා’ අත්අඩංගුවට ගැනේ.

ඔහු ඊයේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයට ලද තොරතුරකට අනුව සිදුකළ විශේෂ වැටලීමකදී මීගොඩ , ගොඩගම ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසීය.

එහිදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, ඒ සඳහා භාවිතා කරන ජීව උණ්ඩ 7ක් සහ මත්ද්‍රව්‍ය තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

ඔහු 38 හැවිරිදි සැකකරු අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නගරවල පවතින රථවාහන තදබදය පිලිබඳ සාකච්ඡාවක්

Mohamed Dilsad

උතුරු බියගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජලය කැපෙයි

Mohamed Dilsad

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ශල්‍යකර්මයකට ලක් කෙරේ

Mohamed Dilsad

Leave a Comment