ප්‍රමුඛ පුවත 1

නගරවල පවතින රථවාහන තදබදය පිලිබඳ සාකච්ඡාවක්

(UTV | කොළඹ)ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් රථවාහන කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් අමාත්‍යංශ පරිශ්‍රයේ දී පසුගිය දා පැවැත්විණි.

මෙම සාකච්ඡාව කොළඹ වාණිජ අගනුවර සහ දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගරවල පවත්නා රථවාහන තදබදය සහ අනෙකුත් රථවාහන හැසිරවීම සම්බන්ධ ගැටළු සඳහා විසඳුම් සෙවීමේ අරමුණින් පවත්වන ලදි.

මහා මාර්ග භාවිතා කරන පොදු මහජනයා වෙත සහන සැලසීම සඳහා මෙම දැවෙන ගැටලුවට කඩිනම් හා කල් පවත්නා විසඳුම් සෙවීමට ආරක්‍ෂක ලේකම්වරයා විසින් පොලිසියට අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදි.

මෙම අවස්ථාව සඳහා මෙම සාකච්ඡාව සඳහා වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා,හමුදා සම්බන්ධතා නිලධාරි බ්‍රිගේඩියර් ටීජේ කොඩිතුවක්කු මහතා ඇතුළු ආරක්ෂක අංශයේ උසස් නිලධාරීන් රැසක් සහභාගී විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිස් නිලධාරියෙකුට පහර දුන් 3ක් අත්අඩංගුවට

Mohamed Dilsad

නව රජයට රට හැදීමට යම් කාලයක් ලබාදිය යුතුයි [VIDEO]

Mohamed Dilsad

භුමි තෙල් මිල සම්බන්ධයෙන් ධීවරයින් විරෝධතාවයක

Mohamed Dilsad

Leave a Comment