ප්‍රමුඛ පුවත 1

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක්

(UTV | කොළඹ) – ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය දින අරක්ෂක අමාත්‍යාංශයේ දී පැවසීය.

මෙම සාකච්ඡාවේදී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව කටයුතු කිරීම, මහජනතාව දැනුවත් කිරීම සහ වැළැක්වීම ඇතුළු වැදගත් මාතෘකාවන් ගණනාවක් සාකච්ඡාවට බඳුන් විය.

දිවයින තුළ පවත්නා මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා දැඩි පියවර ගන්නා ලෙස ආරක්‍ෂක ලේකම්වරයා විසින් පොලිසියට උපදෙස් ලබාදෙන ලදි.

මෙම සාකච්ඡාව සඳහා වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා,ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්ආර් ලතීෆ් මහතා ඇතුළු උසස් නිලධරීන් පිරිසක් සහභාගී විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහ මැතිවරණ පෙත්සම් 8 වන දිනයටත් සලකා බැලේ

Mohamed Dilsad

මැගසින් බන්ධනාගාරයේ වෙඩි තැබීමක්

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

Leave a Comment