ප්‍රමුඛ පුවත 1

පොලිස් නිලධාරියෙකුට පහර දුන් 3ක් අත්අඩංගුවට

(උදයම්,කොළඹ) – පාදුක්ක පොලිස් වසමේ පැමිණිල්ලක් සටහන් කරමින් සිටි පොලිස් නිලධාරියෙකුට පහර දී රාජකාරීයට බාධාකිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් 3 කු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
ඊයේ (06) දහවල් 12.20 ට පමණ පාදුක්ක පොලිස් වසමේ මීපේ පොලිස් මුරපොළදී පුද්ගලයෙකුගේ පැමිණිල්ලක් පොලිස් නිලධාරියකු විසින් සටහන් කරමින් සිටින අවස්ථාවේදී එම ස්ථානයට කඩා වැදුණු විත්තිකාර පාර්ශවයේ පිරිසක් පැමිණිලිකරුට පහරදීමට තැත්කර ඇත.
එම අවස්ථාවේ එය වැළැක්වීමට ගිය පොලිස් නිලධාරියාට මෙලෙස පහර දී ඇති බව පොලිසය පවසයි.
පහරකෑමට ලක් වු පොලිස් නිලධාරියා මේ වන විට හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබයි.
සැකකරුවන් අද (07)  හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කෙරෙන අතර වැඩි දුර පරීක්ෂණ පාදුක්ක පොලිසිය මගින් සිදු කෙරේ.

Related posts

මානව හිමිකම් නිලධාරීන්ට මියන්මාර දොර වැසේ

Mohamed Dilsad

ආචාර්ය ආරියදාස පීරිස් මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

UTV නාලිකාව රාජ්‍ය සම්මාන 4 කින් පිදුම් ලබයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment