ප්‍රමුඛ පුවත 1

ආචාර්ය ආරියදාස පීරිස් මහතා අභාවප්‍රාප්ත වෙයි

(උදයම්,කොළඹ)  – ප්‍රවීණ මාධ්‍යවේදී, ආචාර්ය ආරියදාස පීරිස් මහතා අභාවප්‍රාප්ත වෙයි.

මිය යන විට 91 වන වියේ පසුවූ ආරියදාස පීරිස් මහතා ප්‍රවීණ ගායන ශිල්පිණී චරිතා ප්‍රියදර්ශනී පීරිස්ගේ පියාණන්ය.

1951 අප්‍රේල් 11දා සහන නිවේදකයෙකු ලෙසින් ගුවන්විදුලියට එක්වුණු ආරියදාස පීරිස් මහතා සංගීත වැඩසටහන් මෙහෙයවීමේහලා දක්ෂතා දැක්වූ අයෙකි.

ඔහු විසින් ගුවන්විදුලියේ මෙහෙයවන ලද ආධුනික පැය , පිබිදෙන ගායක පරපුර , ඔව්. නෑ බෑ මිනිත්තුවක් පමණයි , පැන පොඩි , එඩීගෙන් අහන්න, අම්බිගා ගීතයෙන් ගීතය, නිවේදක තෝරයි, වැනි වැඩසටහන් ප්‍රධාන තැනක් ගනී.

දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් පවසයි.

Related posts

සමගි ජන බලවේගය දුරකතනයෙන් මහ මැතිවරණයට

Mohamed Dilsad

බදුලු ඔයේ දිය නාන්නේ බලාගෙනයි

Mohamed Dilsad

වෑන් රථයක් පෙරළීමෙන් 11 කු රෝහලේ

Mohamed Dilsad

Leave a Comment