ප්‍රමුඛ පුවත 1

වැලි ප්‍රවාහනය කරන ටිපර් රථ නිරීක්ෂණයට GSP තාක්ෂණය

(UTV| කොළඹ) – වැලි ප්‍රවාහනය කරන සියලුම ටිපර් රථ නිරීක්ෂණය කිරීම සඳහා ඒවා ජී.එස්.පී. තාක්ෂණයට සම්බන්ධ කිරීමට භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය තීරණය කොට තිබේ.

ඒ සඳහා නව තාක්ෂණය යොදා ගනිමින් නව වැඩපිළිවෙලක් සකස් කිරීමට භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් සමාගම අතර ඇතිකර ගනු ලැබූ අවබෝධතා ගිවිසුමට පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල සහ ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන යන මහත්වරු පසුගියදා අත්සන් තබා ඇත.

වැලි ප්‍රවාහනයේ දී මෙතෙක් සිදු වූ සියලු අක්‍රමිකතා හා දූෂණ මැඩලීමට මෙම නව ක්‍රමය යටතේ ඉඩ සැලසේ.බලපත්‍රය මඟින් ලබා දී ඇති වැලි කියුබ් ප්‍රමාණයට වඩා වැලි ගොඩදැමීම හා අක්‍රමවත් ව ප්‍රවාහනය කිරීම නව ජී.පී.එස්. තාක්ෂණය මඟින් නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් යෙදවීමට කාර්යාංශය පියවර ගෙන තිබේ.

එසේම ජී.පී.එස්. තාක්ෂණ සබඳතා ලබා නොගන්නා ටිපර් රථවලට වැලි ප්‍රවාහන බලපත්‍ර නිකුත් නොකරන බවද කාර්යාංශය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු තානාපති ජාලිය වික්‍රමසූරියට එරෙහිව යළිත් විවෘත වරෙන්තු

Mohamed Dilsad

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුව අත්අඩංගුවට ගැනිමට වරෙන්තුවක්

Mohamed Dilsad

එ.ජ.නි.ස මන්ත්‍රීවරුන් 6 දෙනෙකුගෙන් ජනපතිට ලිපියක්

Mohamed Dilsad

Leave a Comment