ප්‍රමුඛ පුවත 1

මරණ දඬුවම දිය යුතු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නම් අධිකරණ අමාත්‍යංශයට

(UTV| කොළඹ) –  බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින්, මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සිරකරුවන්ගේ නාම ලේඛනය අධිකරණ අමාත්‍යංශයට භාර දී ඇති බව වාර්තාවේ.

ඒ,  ජනාධිපතිවරයා විසින් කළ නියෝගයට අනුව ය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව දුන් ලැයිස්තුවට 13 දෙනෙකුගේ නම් ඇතුළත් බව අධිකරණ අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම්. ආර් අධිකාරි මහත්මිය පවසයි.

එම සිරකරුවන්ගේ ලිපි ගොනු අධිකරණ ලිපි ගොනු සමග සංසන්දනය කිරීමෙන් අනතුරුව අවසන් වාර්තාව සකස් කරනු ඇත.

ඇතැම් සිරකරුවන් ඇපෑලක් ඉදිරිපත් කර තිබීම නිසා එම ඇපෑල සලකා බැලීමෙන් අනතුරුව ඔවුන්ට මරණ දඬුවම වෙනුවට ලබා දී ඇත්තේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමකි.

අවසන් වාර්තාව සකස් කිරීමේදී මෙම සියලු කරුණු අධ්‍යයනය කළ යුතු ය.

එම සියලු දත්ත ඇතුළත්ව සකස් කරන අවසන් නාම ලේඛනය ඉදිරියේදී ජනාධිපතිවරයාට භාර දෙන බව ද අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරිය සඳහන් කළා ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොල් සඳහා පැනවූ උපරිම සිල්ලර මිල ඉවතට

Mohamed Dilsad

යුද හමුදාපතිවරයා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හමුවෙයි

Mohamed Dilsad

දෙරටේ ආර්ථික,වෙළෙද,දේශපාලන සබඳතා තවදුරටත් ශක්තිමත් කරන බවට රුසියානු ජනපතිගෙන් පොරොන්දු

Mohamed Dilsad

Leave a Comment