ප්‍රමුඛ පුවත 1

රත්‍රන් බිස්කට් තොගයක් සමඟ ආගමන නිලධාරියෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) –  කිලෝග්‍රෑම් 06ක් රත්‍රන් බිස්කට් 60ක් සමග ආගමන නිලධාරියෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ රාත්‍රී 11.30 ට පමණ සැකකරු සන්තකයේ තිබී මෙම රත්‍රන් තොගය සොයා ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් තුන්කෝටි හැට ලක්ෂයකි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 50 හැවිරිදි කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ රත්‍රන් විදේශීය රටක සිටින තම සමීපතම හිතවතෙකුගේ මිතුරෙකුට අයත් වූවක් බව පවසා ඇතැයි ද රේගුව සඳහන් කළේ ය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අයහපත් කාලගුණය පවතින ප්‍රදේශ වල පාසැල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක්

Mohamed Dilsad

උසස්පෙළ ප්‍රතිඵල නිකුත් වීමත් සමග වවුනියාවෙන් ඇසෙන සංවේදී කතාව

Mohamed Dilsad

හිටපු ආරක්ෂක ලේකම්ට ජනපති කොමිසමින් සිතාසි

Mohamed Dilsad

Leave a Comment