ප්‍රමුඛ පුවත 1

අයහපත් කාලගුණය පවතින ප්‍රදේශ වල පාසැල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක්

(UTV| කොළඹ) – අයහපත් කාලගුණයක් පවතින දිස්ත්‍රික්කවල පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා එම බලය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ලබා දෙයි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ අදාළ ප්‍රදේශ වල තත්ත්වය පිළිබඳව සලකා බලා මෙම තීරණය ගතයුතු බවයි.

මේ වන විට සබරගමුව පළාතේ රත්නපුර, නිවිතිගල සහ දෙහි ඕවිට අධ්‍යාපන කලාපවල පාසල් අද සහ හෙට දිනයේ වසා තැබීමට පළාත් බලධාරීන් තීරණය කර ඇත.

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් ඩෙවෝන්  දිය ඇල්ලේ ජල ධාරිතාව ඉහළ ගොස් තිබේ.

මේ අතර කලාඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පුත්තලම – මන්නාරම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදෙස් පුහුණුවට විදුහල්පතිවරු 278ක් -අධ්‍යාපන ඇමති කියයි

Mohamed Dilsad

‘විටින් විට තද සුළං’කාලගුණ අණාවැකි

Mohamed Dilsad

“කවුරු අකමැති වුණත් නැතත් අපි පාතාලය මර්දනය කරනවා”-ඇමතිනී තලතා අතුකෝරාල කියයි

Mohamed Dilsad

Leave a Comment