ප්‍රමුඛ පුවත 1

හිටපු ආරක්ෂක ලේකම්ට ජනපති කොමිසමින් සිතාසි

 

(UTV | කොළඹ) – රාජ්‍ය ආයතනවල සිදුවූ වංචා හා දූෂණ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් රාජ්‍ය බැංකුවක පරිගණක පද්ධතිය සවි කිරීමේදී සිදුවූ මහා පරිමාණ මූල්‍ය වංචාවකට අදාළව එහි සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට තීරණය කර තිබේ.

කොමිසමේ ආරංචි මාර්ග අනාවරණ කරන පරිදි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ලබන 23 වනදා දක්වා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත ඇති අතර, ඒ හේතුවෙන් ඊට අදාළ සිතාසිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා හරහා අද(15) පොලීසිය මාර්ගයෙන් හේමසිරි ප්‍රනාන්දුට ලබාදීමට කටයුතු කිරීමට නියමිතයි.

මීට අදාළව අදාළ රාජ්‍ය බැංකුවේ වත්මන් සභාපතිවරයා ඇතුළු එහි උසස් නිලධාරීන් රැසකගෙන් ජනාධිපති කොමිසම ප්‍රකාශ සටහන් කරගෙන තිබුණු අතර මෙම මූල්‍ය වංචාවට අදාළව ලබන 18 වන දා පෙරවරු 9.30ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි යොමු කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව අමාත්‍යවරු පිරිසක් දිවුරුම් දෙති

Mohamed Dilsad

අභිරහස් ලෙස මිය ගිය සද්ධන්තයින් පිළිබද වැඩිදුර පරීක්ෂණ [PHOTOS]

Mohamed Dilsad

නව රජය කිසිඳු දේශපාලන පලිගැනීමක් සිදුකර නැහැ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment