ප්‍රමුඛ පුවත 1

ඥානසාර හිමිට එරෙහිව ඇති චෝදනා පත්‍රය විභාග කිරීමට දින නියම කරයි

(උදයම්,කොළඹ)   –  අධිකරණයට අපහාස කළ බවට  චෝදනා එල්ල වී ඇති බොදුබල සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමිට එරෙහිව ඇති චෝදනා පත්‍රය විභාග කිරීමට අභියාචනාධිකරණය දින නියම කරයි.

මෙම චෝදනා පත්‍රය ජුලි මස 18,19 සහ 20 දිනවල විභාගයට ගැනීමට නියමිතය.

මාධ්‍යෙව්දී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවති නඩු කටයුත්තකට බාධා වන අයුරින් ඥානසාර හිමියන් කටයුතු කිරීම නිසා එකළ හෝමාගම මහේස්ත්‍රාත්වරයාව ලෙස කටයුතු කළ රංග දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව නීතිපතිවරයා විසින් ගොණු කර තිබූ චෝදනා අද (12) කැඳවනු ලැබීය.

එහිදී පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර උන් වහන්සේ වෙනුවෙන් නීතිඥවරයෙකු පෙනී සිටියේය.

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීම සඳහා අද(12) දිනයේ වරෙන්තු නිකුත් කරන ලෙස  රජයේ නීතිඥවරයා කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

Related posts

කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා පැනවූ බද්ද ඉවතට

Mohamed Dilsad

පළමුවරට කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන වැඩපිළිවෙළක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය පිළිබඳව නිකුත් කළ නවතම නිවේදනය [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment