Trending News

කොළඹ නගරයේ සහ කොළඹට ඇතුළුවන මාර්ගවල මංතීරු නීතිය අද සිට

(උදයම්,කොළඹ)  – අද (12) සිට කොළඹ නගරයේ සහ කොළඹට ඇතුළුවන මාර්ගවල මංතීරු නීතිය ක්‍රියාත්මක කරන බව කොළඹ නාගරික රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ, පොලිස් අධිකාරි සුමිත් නිශ්ශංක මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
ඒ අනුව කොළඹ නගරයේ සහ කොළඹට ඇතුළුවන ප්‍රධාන මාර්ගයන් වන ගාලු පාර, හයිලෙවල් මාර්ගය, බේස්ලයින් මාර්ගය මෙන් ම කාසල් වීදිය වැනි මාර්ගයන් හි මෙම සැලසුම ක්‍රියාත්මක කෙරේ.
1951 මෝටර් රථවාහන ආඥා පනතේ 148වන වගන්තියේ උප වගන්ති 1 සිට 05දක්වා මෙම නීතිය සම්බන්ධයෙන් කරුණු ඇතුළත් වන අතර මෙම මෙහෙයුම හරහා රියදුරන් දැනුම්වත් කිරීම සිදු කෙරෙන අතර ම දඩ පැනවීම මෙන් ම අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිතය.
මං තීරු නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් විදුලි සංඥා ආසන්නයේ වාහන රඳවාතබාගැනීම හරහා විදුලි සංඥා සඳහා ලබාදී ඇති කාලය තුළ උපරිම වාහන ප්‍රමාණයක් ඉන් ගමන් කරවීමට නොහැකි වීම වාහන තදබදයට ප්‍රධාන හේතුවක් බව පෙන්වාදෙන ඒ මහතා මේ හරහා අනතුරු සිදුවීමේ ප්‍රවණතාවයක් ද ඇති බව පෙන්වා දෙයි.
මෙහිදී පොලිස් නිලධාරීන් විසින් යම් යම් අවස්ථාවලදී රියදුරන් සඳහා වැරදි පුර්වාදර්ශයන් ලබාදෙන බවටත් ඒ හරහා රියදුරන් සෑම අවස්ථාවකදීම එම පූර්වාදර්ශයන් අනුව ක්‍රියාකිරීම ම මේ සඳහා හේතුවන බවට මාධ්‍යවේදීන් විසින් පෙන්වාදුන් අතර ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් ද ක්‍රියාකිරීමට කටයුතු කරන බවද පොලිස් අධිකාරි සුමිත් නිශ්ශංක මහතා පැවසීය.
විශේෂ විදුලිපහන් දල්වාගනිමින් මාර්ගයන් හි ගමන් ගන්නා ප්‍රභූ වාහන සම්බන්ධයෙන් ද මෙහිදී මාධ්‍ය වේදීන් ප්‍රශ්න කළ අතර ඒ සඳහා පිළිතුරු ලබාදෙමින් පොලිස් අධිකාරිවරයා සඳහන් කළේ එවැනි වාහන සම්බන්ධයෙන් නිරන්තරයෙන් සෝදිසි කිරීම් සිදු කරන බවත් එසේ විශේෂ විදුලි පහන් සවිකිරීම ප්‍රභූ වාහන සඳහා සිදු කළ නොහැකි බවත් එම විදුලි පහන් සවිකළ යුත්තේ පොලිස් පෙර ගමන් රථ සඳහා පමණක් බවත්ය.
ඊට අමතර ම ගිලන් රථ මෙන් ම ගිනි නිවන රථ සඳහා ද විශේෂ විදුලි පහන් දල්වාගෙන ගමන් කිරීමේ හැකියාව පවතින අතර වෙනත් කිසිඳු වාහනයකට එලෙස විදුලි පහන් දල්වාගෙන ගමන් කළ නොහැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Related posts

சட்டவிரோதமாக கடற்றொழிலில் ஈடுபட்ட 24 மீனவர்கள் கைது

Mohamed Dilsad

ஆர்ப்பாட்டம் காரணமாக காலி முகத்திடல் சுற்றுவட்ட அருகில் கடும் வாகன நெரிசல்

Mohamed Dilsad

Billie Eilish slams magazine for using her photoshopped image as cover

Mohamed Dilsad

Leave a Comment