දේශීයප්‍රමුඛ පුවත 1

දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම විශේෂ ක්‍රමවේදයකට

(UTV | කෝවිඩ් -19) – දුම්රිය මගීන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම විශේෂ ක්‍රමවේදයකට අනුව සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හෙට (20) සිට ඇඳිරි නීතිය ලිහිල් කිරිමෙන් පසුවයි.

දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ දුම්රිය මගීන් සඳහා විශේෂ රෙගුලාසි පද්ධතියක් ද හදුන්වා දී ඇති බවයි.

හෙට සිට කාර්යාල දුම්රිය කිහිපයක් නැවත ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙන අතර දුම්රිය මැදිරියක ගමන් කළ හැකි වන්නේ මගීන් 50 දෙනෙකුට පමණයි.

දුම්රිය ස්ථානයට ඇතුළුවීමේදී සහ දුම්රියෙන් ගමන් කිරීමේදී මුඛ ආවරණ පැළදීම අනිවාර්ය වෙයි.

එමෙන්ම දුම්රිය පරිශ්‍ර තුළ, මැදිරි සහ දුම්රිය මාර්ගයට කෙළ ගැසීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර එසේ ක්‍රියාකරන පුද්ගලයින්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ, හෙට සිට දුම්රිය සේවා නැවත ආරම්භ කිරීමෙන් පසු එම පහසුකම් ලබාගත හැකි වන්නේ රජය මගින් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇති රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්ය මණ්ඩලවලට පමණක් බවයි.

කෙසේ නමුත් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන දිස්ත්‍රික්ක තුළ සාමාන්‍ය ජනතාවට ද එමගින් ප්‍රවාහන පහසුකම් සළසා ගත හැකි බව දුම්රිය දෙර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියි.

 

Related posts

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු දෙසැම්බර්වල ආරම්භ වෙයි

Mohamed Dilsad

මානව අවශ්‍යතා සමග පරිසරය සමබර කර ගැනීමේ වැදගත්කම මනාව වටහාගෙන සිටිනවා

Mohamed Dilsad

බම්බලපිටිය මුහුදේ සිටි මෙම සත්වයා ඔබට අනුමාන කල හැකිද?[වීඩියෝ]

Mohamed Dilsad

Leave a Comment