ප්‍රමුඛ පුවත 1

සුදු සීනි මීල ඉහළ දමන වෙළෙදුන්ට එරෙහිව නීතිය තදින්

(උදයම්,කොළඹ)   – නිශ්චිත භාණ්ඩයක් වන සුදු සීනි වලට අදාළව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ලිඛිත අවසරයත් නොමැතීව මීල ගණන් ඉහළ දමන වෙළෙදුන්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බව එම අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා මාධ්‍ය වෙත පැවසීය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත යටතේ සුදු සීනි නිශ්චිත භාණ්ඩයක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයට දැනුවත් කර ඇති බවද සභාපතිවරයා පැවසීය.

සුදු සීනි සඳහා පනවා තිබූ ආනයනික බද්ද ඉකුත් සතියේදී රුලියල් 10 කින් ඉහළ නැංවිමට මුදල් අමාත්‍යාංශය තීරණය කළේය.

එම නිවේදනයෙන් පසු ප්ලේන්ටියක මිල රුපියල් 5කින් හා කිරි තේ එකක මිල රුපියල් හතළිහ දක්වා වැඩි කිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කළේය.

Related posts

නව ආණ්ඩුවේ ඇමති මණ්ඩලය දිව්රුම් දෙයි(ඡායාරූප)

Mohamed Dilsad

අරලියගහ මන්දිරය තුල කලහකාරී තත්ත්වයක්

Mohamed Dilsad

විදේශ භික්ෂූන් වහන්සේලා පිරිසක් ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment