කලා

දශකයකට පසු අමීර් ඛාන්ට ෆිල්ම්ෆෙයාර්හිදී හොදම නළුවා සම්මානය

දශකයකට පසුව ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උලෙළකදී හොඳම නළුවා ලෙස සම්මාන දිනා ගැනීමට අමීර් ඛාන් සමත් වෙයි.

පසුගිය වසර අවසානයේ තිරගත වූ ‘දංගල්’ චිත්‍රපටයේ ‘මන්විර් සිං’ චරිතය හරහා මෙවර ‘ෆිල්ම්‍ ෆෙයාර්’ සම්මාන උලෙළේදී හොඳම නළුවා සම්මානය දිනා ගත්තේය. වසර 10කට පසුව ඔහු හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලැබීම විශේෂත්වයකි.

අමීර් අවසන් වරට ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මානයක් දිනාගනු ලැබුවේ 2006 වසරේදීය.ඒ ‘රඟදේ බසන්ති’ චිත්‍රපටයේ කළ රංගනය උදෙසායි.

කෙසේ වෙතත්, අමීර් ඛාන් ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උලෙළ සඳහා මෙවරද එක් වුයේ නැත. එයට හේතුව නම් ඔහු මීට දශක දෙකක කාලයක සිට ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උලෙළ වර්ජනය කර තිබීමය.

මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 678 කට ආසන්න මුදලක් උපයා ගැනීමට සමත්ව ඇති අමීර්ගේ ‘දංගල්’ චිත්‍රපටය ඉන්දීය චිත්‍රපටයක් විසින් උපයාගත් දෙවැනි වැඩිම ආදායම උපයා ගැනීමටද සමත් විය.

Related posts

සනි ලියෝන් සිය පවුල සමග ඉන්දියාව අතහැර එංගලන්තයට

Mohamed Dilsad

‘ ඩොක්ටර් ස්ට්‍රෙන්ජ් ‘ දෙවැන්නට තවත් මාවල් චරිතයක්

Mohamed Dilsad

‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ හින්දි පිටපතක් Thank God චිත්‍රපටයකට

Mohamed Dilsad

Leave a Comment