විදෙස්

“ලෝක ස්ථාවරත්වයට චීනය හා ඇමරිකාව එක විය යුතුයි”චීන ජනපති කියයි

(උදයම්,ස්විට්සර්ලන්තය) – ලෝකය තුළ ස්ථාවරත්වයක් ඇති වීමට නම් ඇමරිකාව සහ චීනය එක්ව කටයුතු කළ යුතු බව චීන ජනාධිපති සී ජින් පිං පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (17) ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් නුවරදී ආරම්භ වූ ලෝක ආර්ථික සමුළුව අතරතුර ඊට එක්ව සිටින ඇමරිකානු උප ජනාධිපති ජෝ බයිඩන් හමුවූ අවස්ථාවේදීයි.

මෙම සමුළුවේදී නායකයින් දෙපල ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙක් කිසිදු සාකච්ජාවක් කර නොමැති බව විදෙස් වාර්තා වල දැක්වේ.

ට්‍රම්ප්, ඇමරිකානු නව ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහු චීනයට ආර්ථික සම්බාධක පැනවිය යුතු බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක්ද සිදු කර තිබුණි.

Related posts

සූවස් ඇළේ සිරවී ඇති නැව නිදහස් කිරීමේ උත්සාහයන් අඛණ්ඩව

Mohamed Dilsad

චීනයේ ගොඩනැගිල්ලක් කඩා වැටී 17 ක් මරුට

Mohamed Dilsad

තුර්කිය සිරියාවට ප්‍රහාර එල්ල කිරීම වහාම නැවත්විය යුතුයි – ප්‍රංශ ජනපති

Mohamed Dilsad

Leave a Comment