Trending Newsඑසැන පුවත්දේශීය

පාසල්වල පළමු වාරය ඇරඹේ | එක සහ හය ශ්‍රේණි ඇරඹීම පසුවට

පළමු සහ හය ශ්‍රේණි හැර අනෙකුත් ශ්‍රේණිවල පළමු පාසල් වාරය අද (ජන. 5) දින ආරම්භ වන බව අධ්‍යාපන, අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. .

හය ශ්‍රේණියේ පළමු වාරය මේ මස 21 වන දා සහ පළමු ශ්‍රේණියේ අධ්‍යයන කටයුතු 29 වන දා ආරම්භ කිරීමට නියමිතයි..

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 06 ‍ශ්‍රේණියට වෙනත් පාසල්වල සිසුන් ඇතුළත් කිරීමේ පරිපාලන කටයුතු ජනවාරි 05 දිනෙන් ඇරඹෙන සතිය තුළ සිදු කරන ලෙසට විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත.

පළමු ශ්‍රේණියේ සිසුන් හඳුනාගැනීමේ ක්‍රියාවලිය මේ මස 05 වන දින ආරම්භ කරන බව ද එම අමාත්‍යාංශය පවසයි.

දැනට පැරණි විෂය නිර්දේශය ක්‍රියාත්මක වන 7-11 ශ්‍රේණිවල විෂයන්ට වෙන්වන සමස්ත කාලයේ යම් අඩුවීමක් සිදු වන බව ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව, අඩුවන කාලය ආවරණය කර ගැනීමට සහ 06 ශ්‍රේණියේ මොඩියුලවලට අවශ්‍ය කාලය ආවරණය කර ගැනීමට පළමු වන වාර විභාගය නොපවත්වා එම කාලවල සීමාවද අධ්‍යයන කටයුතුවලට යොදා ගන්නා බවද අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටී.

Related posts

ஜின் கங்கையின் நீர் மட்டம் அதிகரிப்பு…

Mohamed Dilsad

කටාර්හි සේවය කල ශ්‍රී ලාංකික කාන්තාවක් මරුට

Mohamed Dilsad

Image Expo 2023′ ප්‍රදර්ශනය නැරඹීමට ජනපති එක්වෙයි

Mohamed Dilsad

Leave a Comment