ආපදාවත් සමග වෙළඳෙපොළේ උඩරට එළවළු වලට වඩා පහත රට එළවලු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව තොග සහ සිල්ලර වෙළෙන්දෝ පවසති.
පහතරට වැවෙන බණ්ඩක්කා, පතෝල, මෑ කරල් ඇතුලු එළවලු වර්ග රැසක් කිලෝවක් රු. 400-500ත් අතර සිල්ලර මිලකට අලෙවි කරන අතර, බටු කිලෝවක් රු.650ක් වැනි මිලකට අළෙවි කරන බව වාර්තා වේ.
තවද, කැරට්, ගෝවා, බීට්, රාබු, ලික්ස් වැනි එලවළු වර්ග රු.300-350ත් අතර මිලකට අලෙවි කරන අතර, මාලු මිරිස් කිලෝවක් රු.1300, බෝංචි රු.1000 වැනි මිලකට අලෙවි වේ.

