Trending Newsඑසැන පුවත්දේශීය

කටුනායකින් ගුවන් ගත කළ යානයක්, හදිසි තත්ත්වයක් නිසා යළි කටුනායක ට ගොඩබායි

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා, ඊයේ (16), රාත්‍රී 10:01 ට පිටත් වූ Turkish Airlines / THY34D ගුවන් යානයේ Landing Gear දෝෂයක් නිසා එය නැවත කටුනායකට හදිසි ගොඩ බැස්වීමක් කර තිබේ. .

ඒ අවස්ථාව වන විට යානය ගුවන්ගත කර ඉතා කෙටි වේලාවක් ගත වී ඇති බැවින් එහි විශාල ඉන්ධන ප්‍රමාණයක් තිබූ අතර, පැය දෙකකහමාරකට ආසන්න කාලයක්, කටුනායක ආශ්‍රිත අහසේ යානය වට විස්සක් පියාසර කර තිබේ. ඉන්ධන ප්‍රමාණය දහනය කර, යානයේ බර අවශ්‍ය අවම මට්ටමට ගැනීම සඳහා ගුවන් යානයේ මෙලෙස පියාසර කර ඇති බව සඳහන්.

දෝෂයකට ලක්වූ තුර්කි ගුවන් සේවයේ, එම ගුවන් යානය (TK 733) අළුයම 12.28 ට යලි කටුනායක ගුවන් තොටුපළට ආරක්ෂිතව ගොඩ බස්වා තිබේ.

Related posts

“ජනාධිපති කිසිසේත්ම ඉල්ලා අස්වෙන්නේ නැහැ”

Mohamed Dilsad

24 மணிநேரம் நீர் விநியோகம் இடைநிறுத்தம்

Mohamed Dilsad

රජයේ සේවකයන් සීමා කර සේවයට කැඳවන්නැයි ඉල්ලීම

Mohamed Dilsad

Leave a Comment