Trending Newsඑසැන පුවත්දේශීය

පොලිස් නිලධාරීයෙක් අල්ලස් ගනිද්දී අල්ලයි

නිලාවේලි ප්‍රදේශයේ පදිංචිකාරියක විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකාරියගේ විදේශගත වීමට අදාළව ලේඛන සකස් කිරීම සඳහා අවශ්‍ය වන පොලිස් වාර්තාව ලබාදීම සඳහා රු.10,000/- (රුපියල් දසදහසක) ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගැනීමේ චෝදනාව මත නිලාවේලි පොලිස් ස්ථානයේ සේවය කරනු ලබන පොලිස් සැරයන්වරයෙකු ඊයේ (16) ප.ව.4.56 ට පමණ පැමිණිලිකාරියගේ නිවසේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු 17 වෙනිදා කුච්චවේලි සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

රට අනතුරේ – ත්‍රෛනිකායික මහනාහිමිවරුනි මැදිහත්වන්න විමල්ගෙන් ලියමනක්

Editor O

ඉන්දීය සාග සමුළුවේ සමාරම්භක දේශනය ජනපතිගෙන්

Mohamed Dilsad

බදු අඩු කර ජනතාවට සහන දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන්න සූදානම් – සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment