Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

සෙන්සා සොලුයුෂන් සමාගමට, ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී සම්මාන⁣ දෙකක්

සෙන්සා සොලුයුෂන් ලංකා පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා 2025 සම්මාන උළෙලේදී මුද්‍රණ සහ ඒ ආශ්‍රිත සේවා අංශයේ රන් සම්මානයත්, මධ්‍ය පරිමාණ ව්‍යාපාර කාණ්ඩයේ කුසලතා සම්මානයත් දිනා ගත්තේය.

එම ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ සුභාෂ් තලංගම සහ අධ්‍යක්ෂිකා සසිරු තලංගම වෙත සම්මානය පිරිනමන ලදී. වසර අටක පමණ කෙටි කාල පරිච්ජේදයකදී Sensa Solutions සමාගම මෙරට මුද්‍රණ සහ ඇසුරුම්කරණ ක්ෂේත්‍රයේ විශ්වාසනීය නමක් දිනා ඇත. බියගම පිහිටි ඔවුන්ගේ නිෂ්පාදන අංගනයේ සේවය කරන වෘත්තිකයන් සංඛ්‍යාව 120කට අධිකය. එක්සත් රාජධානියට, යුරෝපා සංගමයට, ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් ඇඟළුම් සන්නාම රැසකට එම සමාගම සේවා සපයයි. වර්තමානයේදී එම සමාගම තේ, ආහාර හා ඖෂධ අපනයන ක්ෂේත්‍රවලට ප්‍රමුඛතාව දෙමින් තම නිෂ්පාදන කටයුතු පුළුල් කර ඇත.

Sensa Solutions පුළුල් පරාසයක ලේබල් සහ ඇසුරුම්කරණ විසඳුම් සපයයි. සදාචාරාත්මක සහ තිරසාර නිෂ්පාදන පුරුදුවලට මුල් තැන දෙන එහි මෙහෙයුම් කටයුතු SEDEX/SMETA, Oeko-TEX, ISO, GRS, FSC වැනි ජාත්‍යන්තර සහතික රැසක් ලබා ඇත. ශ්‍රී ලංකාවේ වඩාත් ස්ථාවර සහ ප්‍රේරණදායක තත්ත්ව නිෂ්පාදන සහ සේවාවල ගෝලීය වෙළෙඳපොළේ විශ්වාසනීය සහකරුවෙකු වීම එම සමාගමේ අපේක්ෂාවයි. එය ඔවුන්ගේ පූර්ණ ව්‍යාපාර දැක්මද වේ. කළමනාකරණ අධ්‍යක්ෂ සුභාෂ් තලංගම සඳහන් කළේ මෙම ජයග්‍රහණය කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හා පාරිභෝගිකයා පළමු කොට සැළැකීමේ ප්‍රතිපළයක් බවයි. ඖෂධ, FMCG, අත් වැසුම් හා ඇඟළුම් ආදී කර්මාන්තවල ප්‍රගමනයට දක්වන දායකත්වය තව දුරටත් ඉහළ නංවමින් නව්‍ය හා ගුණාත්මකභාවයෙන් යුතු ඇඟළුම් ලේබල් ජාත්‍යන්තර සන්නාම සඳහා හඳුන්වා දීම සහ ඒ ආශ්‍රිත මුද්‍රණ ක්ෂේත්‍රයේ නවෝත්පාදනවලට හා අගය එකතු කිරීමේ ක්‍රියාවලියට ප්‍රමුඛතාව දෙමින් තම නිෂ්පාදන ඉළක්ක සපුරා ගැනීම ආයතනයේ දීර්ඝ කාලීන සැළැස්ම බවද ඔහු සඳහන් කළේය.

Related posts

පාසල් සිසුන්ට කෝවිඩ්-එන්නත ලබා දීමට අවධානය

Mohamed Dilsad

පාරිභෝගිකයන් සියයට 70%ක ට විදුලිය සපයන්නේ පාඩු ලබමින් – බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි

Editor O

ලොවපුරා කොරෝනා රෝගීන් ගණන 5 ලක්ෂ 30දහස ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment