Trending Newsඑසැන පුවත්දේශීය

උදය ගම්මන්පිල ඉදිරිපත් කළ පෙත්සම ට, අභියාචනාධිකරණයෙන් නියෝගයක්

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම ලබන 24 වනදාට කැදවන ලෙස අභියාචනාධිකරණය අද (17) නියෝග කර ඇත.
පෙත්සම්කාර උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළහ.

එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට සූදානමින් සිටින බවත් එය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි

Related posts

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව රැස්වෙයි | විගණකාධිපති පත් කිරීම ගැන තීරණයක් නැහැ

Editor O

Salaries of Doctors, Nurses halted over absence after transfers

Mohamed Dilsad

පොලිස් කාන්තාවන් රාජකාරිවලින් නිදහස්

Mohamed Dilsad

Leave a Comment